විවරණ 2024

විවරණ 2024

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටින ඔබ වෙනුවෙන්,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය වන ගණකාධිකරණ සහ මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA) විසින් සංවිධානය කරන,

“විවරණ 2024” අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විශේෂ සම්මන්ත්‍රණය – අදියර I

📆 2024 ජුනි මස 27 දින
⏰ පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
🏢 මහරගම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (National College of Education) ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
📍https://maps.app.goo.gl/G9Rv2ZkRvrLo3BWp9

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම සම්මන්ත්‍රණයේදී ගිණුම්කරණයේ වැදගත් සහ ගැටළු සහගත විෂය කරුණු ආවරණය කෙරේ.

⭕මෙම සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් 2024 වර්ෂයේදී උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටින සිසු සිසුවියන් සඳහා පැවැත්වේ.

⭕ ආසන ප්‍රමාණය සීමිත බැවින් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට පහත Google Form එක පුරවා ලියාපදිංචි වීම අනිවාර්යය වේ.

සිසුන් සඳහා👇🏻
🔗 https://forms.gle/TJAKcVQ82UYHPY9S8

ගුරු භවතුන් සඳහා👇🏻
🔗 https://forms.gle/hFakRd9tTQsebKsQ6

⭕ ලියාපදිංචි වීම සඳහා අවසන් දිනය – 2024 ජුනි 21

විමසීම් 📞
රශ්මික (AFMA) – 0703706184
කළිඳු (AFMA) – 0703612908
සෙව්මිණි (AFMA) – 0768145922
සෙතුමි (AFMA) – 074080508

වියත් අරුණක පෙරමග 🎓✨