AFMA සූර්යාභිෂේකය 2024
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය වන ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA) විසින් සංවිධානය කරන ලද, AFMA සූර්යාභිෂේකය 2024 අලුත් අවුරුදු උත්සවය, 2024 අප්‍රේල් 26 වන දින විශ්වවිද්‍යාලයිය ක්‍රීඩා භූමියේදී පවත්වන ලදී.
මෙහිදී අධ්‍යයනාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය යන සැමගේ සහභාගීත්වයෙන් අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වුණු අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැටුම්, ගැයුම් ආදියෙන් අවුරුදු උත්සවය විචිත්‍රවත් විය. අවසානයේදී, AFMA අවුරුදු කුමරා සහ AFMA කුමරිය සඳහා කිරුළු පැළඳවීමෙන් සහ අනෙකුත් සියලුම ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානයෙන් අනතුරුව උත්සවයේ නිමාව සනිටුහන් කරන ලදි.